: 24 Hour Service
+94 (11) 4 36 76 36

24hx7

Contact Numbers

+94 114 36 76 16 +94 115 74 17 01 +94 714 36 76 36 +94 774 95 76 36
Testimonials

What people say about us

Comments on: Nawinna Medicare Hospitals - Good or Bad comments about Nawinna medicare hospitals. How you feel. Your feed back is very important to improve our service quality.

What people say about us

Patient Stories

1990 දී සේවයෙන් අයින්වනතුරු ස්වාධීන පත්‍ර සමාගමේ සේවය කලෙමි.ගිය වසරේ මැයි මාසයේ සිට මම කකුල් අමාරුවෙන් පෙලෙන අතර වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් ප්‍රතිකාර ගතිමි. X-ර්හ වලින් දනහිස් වලට වතුර පිරෙන බවද දනහිස් යමක වැදීමෙන් තැල්මක් තිඛෙන බවද දැන් වූ හෙයින් ඒ සඳහා කැඩුම් බ්දුම් වෛද්‍යවරයෙකුගෙන් ඛෙහෙත් ගතිමි. කිසිදු සුවයක් නොතිබුනි. මාගේ පුතා වෛද්‍ය සරත් රත්නායක මහතා හොඳ වෛදයවරයෙකු හෙයින් එහාට යමු කියා මාව රැගෙන ඇවිත් දොස්තර මහතාට යොමු කලා. දොස්තර මහතා ලඟට ඇවිදගෙන යාමට අපහසු තත්වයෙන් මාව රැගෙන ආවේ.වෛද්‍යතුමා කකුල පරීඬාකර නැවත X-ර්හ වලින් මගේ කකුලේ නියම තත්වය වටහා දී ලියා නැවත මාසෙකින් එනවිට ඔයිට වඩා හොදට ඇවිදගෙන එන බව පැවසීය. එය 100ට 200ක් ම ඇත්ත. මගේ කකුල් අමාරුව කලින් තිබුනාට වඩා හොදයි. නැවත එන විට දැන් සෑහෙන්න හොඳයි. නැවත එන විට සෑහෙන්න හොද තත්වයෙන් කකුල තියෙන්නේ. කලින් තිබූ රිදීම කොහෙත්ම නැත. වෛද්‍යතමා= පළමුදිනේම මාගේ කකුලේ ලෙඩේ සොයාගෙන නියම කල ඛෙහෙත නිසා මාගේ කකුල් අමාරුව මේ තරම්ම සුව වුනේ. එතුමා නියම වෛද්‍යතුමෙකි. දිගු කාලයක් ජීවත් වෙමින් තව දහස් ගනනක් රෝගීන් නිරෝගි කිරීමට වාසනාව ලැබේවායි පතමි.
මා ඔබ ආයතනයට පැමිණ ප්‍රතිකාර ලබා ඉක්මන් සුවය ලැබීමගැන මා ඔබතුමා ඇතුළු කාර්යමණ්ඩලයට ස්තූතිවන්ත වෙමි. මෙම ආයතනයට මා ප්‍රතිකාර ලබා ගතිමි. විශේෂයෙන් මා විදේශ රටක සේවය කල නිසා :දොහාකටාර්- එම රටේදී ඇමරිකන් රෝහලෙන් සහ ඇපලෝ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගතිමි. මාහට තිබුන අසනීපය බඩපුරවා දැමීම සහ වමනය යාමය. මේ සදහා විවිධ රෝහල් වලින් විශේෂ පරීක්ෂණ කලද කිසිදු සහනයක් මට නොලැබුණි. පසුව ලංකාවට පැමින ලංකාවේ වෛද්‍ය වරුන්ගේත් රෝහල් කීපයකින්ම ප්‍රතිකාර ලබා ගතිමිග එවිටද සුවය නොලද නිසා මම නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ඇතුල් වී ප්‍රතිකාර ලබා ගතිමි. මෙහිදී මට ඇති අසනීපය පැය කීපයක් තුළදී සොයාගෙන එයට අවශය මූලික ප්‍රතිකාර ලබාදී පසුව හදිසි ශල්‍යකර්මයක් සදහා කළුබෝවිල රෝහලට ඇතුල්කර ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ගැන මා වෛද්‍ය සරත් රත්නායක මහතාටත් නවින්න මෙඩිකෙයා රෝහලටත් ස්තූතිවන්ත වෙමි.
වෛද්‍ය සරත් රත්නායක මහතා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ සේවය ඉතා හොඳයි.
වෛද්‍ය රත්නායක මහතා ඇතුළු සියලමු කාර්ය මණ්ඩලය ඉතා හොඳින් තමන්ගේ කාර්්‍යයන් ඉෂ්ඨ කරනවා.
අවුරුදු 12ක වකවානුවක දණහිස් රැදාවෙන් පෙලීසිටියෙමි. ඇවිදින විට සහ නැගිට සිටින විට දරුණු ලෙස වේදනාව ඇතිවේ. වසර 2005 දී විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර ගත් නමුත් ප්‍රතිකාර නිසියකාරව නොගත් නිසා ඉතාමත් අසාධ්‍ය තත්වයට පත්ව සිටියදී එම වසරේදී සී.අයි.සී. සමාගමේ මලින් පෙරේරා මහතා වෛද්‍ය සරත් රත්නායක මහතා වෙත යොමු කරන ලදි. එතුමාගේ මග පෙන්වීම යටතේ නිසි ප්‍රතිකාර සාර්ථකව කරන ලදි.ඔෘෂධ වලට අමතරව නිසි ආකාරයෙන් ව්‍යායාම සහ දණහිස් සඳහා වූ ධඡඡ නිස්පාදන ආවරන භාවිතා කලෙමි.මේවසර තුල ක්‍රමක්‍රමයෙන් වේදනාව සහ කකුල් නැවීම පාලනය කර ගත හැකි විය.දැන් වැඩිවේලාවක් සට ගෙන සිටීම හෝ ඇවිදීමේ හැකියාව දියුණු වී ඇත.මේ සම්බන්ධව ප්‍රතිකාර කල දොස්තර සරත් රත්නායක මහතාට මේ පිළිබඳව මාගේ ඉමහත් ගෙෘරවය පුදකිරීමට කැමැත්තෙමි. එමෙන්ම සී.අයි.සී. සමාගමේ ධඡඡථ නිෂ්පාදන සම්බන්දව ප්‍රධානියා වූ මලිත් පෙරේරා මහතාද කෘතඥව සිහිපත් කරමි.
වර්ෂ 2008 අග භාගයේ සිට ඇති වූ දකුණු කකුලේ සුළුවේදනාවකට බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූ නමුත් දිගින් දිගටම එම තත්වය උත්සන්න වී හැරමිටියක් ඇවිදීම සඳහා යොදා ගැනීමට සිදුව්ය. පහත දැක්වෙන ප්‍රතිකාර පුද්ගලිකව ලබා ගන්නා ලදි.. – මහාචාර්යවරුන් දෙදෙනකෙ=ගෙන් – විශේසඥ වෛද්‍යවරුන් දෛදෙනෙකුගෙන් – දේශීය ආයුර්වේද ප්‍රසිද්ධ වෛද්‍යවරු දෙදෙනෙක් – චීනකටු චිකිත්සකවරයෙක් – විහ්ව ශක්ති මධ්‍යස්ථානයකින් – ශික්ෂණ රෝහලකට යොමු කිරීමෙන් අනතුරුව භෞත චිකිත්සකවරියකගෙන් ඔවුන් පැවසූ අසනීප තත්වයන්, – මානසික රෝගයක් – ආතරයිටිස් – කලිසමට ඇදි පටිය කශේරුව තෙරපමින් දිගු කලක් භාවිතා වීම. වසර 2ක් ගත වනවිට මා රෝද පුටුවකට සීමා කිරීමට ඉහත දැක් වූ ප්‍රතිකාර ක්‍රම සමත් ව්ය. 2010 වසරේ අවසාන භාගයේ දී රෝගීව ප්‍රතිකාර ලැබූ මිතුරියකගෙන් නාවින්න මෙඩිකෙයා රෝහල පිළිඹඳව දැන ප්‍රතිකාර සඳහා යොමු විය.මෙහිදී විනාඩි 3-5 අතර රෝගියෙකු බැලිමේ ක්‍රමවේදය දැක ගත නොහැකි විය. ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර පැය 7ක පමණ කාලයක් රෝහල තුලදීම වෛද්‍ය සරත් රත්නායක මහතාගේ පූර්ණ අධීඬණය යටතේ රෝග නිශ්චය කිරීම සිදුවිය. විනිශ්චය කිරීමෙන් අනතුරුව ලෙඩේ සුව කරන බවට සහතික විය. වෛද්‍යවරයාට නොදෙවින භෞත චිකිත්සකවරයෙකුගේ සේවය ලැබිනි. කාර්ය මණ්ඩලයද ඉතා කාරුණිකය. වසර 1/2 ක් යනවිට අසනීප තත්වය බොහෝ දුරටම සුව විය. මේ වනවිට මා රෝහලට පැමිනෙන්නේ මාගේ මෝටර් රතය පදවාගෙන තනිවමය. සත්‍ය වශයෙන්ම ආශ්චර්යයකි. වෛද්‍යතුමා ඇතුළු සැමට පිං.
සරත් රත්නායක වෛදයවරයාගෙන් ප්‍රතිකාර ලබමි. දැනට සාමාන්‍ය සුවතාවයකින් පසුවේ. ප්‍රතිකාර තවමත් කරගෙන යයි.
යාළුවෝ දෙදෙනෙක් අතර ඇතිවූ ප්‍රශ්ණයක් දුරදිග යාමෙන් ඔහු අනෙකාට එල්ලකල පිහි පහර මාගේ හිස මතට වැදුනා. ඉන් අනතුරුව මා රංවල රෝහලට ඇතුලත් කලා. නමුත් දින හතරක් ගත වුනත් මා හට සුවයක් නොලැබීම නිසා මාගේ සොහොයුරු ටිකට් කපාගෙන මා ජයවර්ධනපුර මහ රෝහලට ඇතුලත් කලා. ජයවර්ධනපුර මහ රෝහලේ දින හතරක් ගත වුවත් මාහට සුවයක් නොමැති නිසා මා නැවත නාවින්න මෙඩිකෙයා රෝහල වෙත පැම්ණියා.ඉන් අනතුරුව දැඩි ලෙස අසාධ්‍ය වී සිටි මාහට දින හතරක් ඇතුලත නාවින්න මෙඩිකෙයා රෝහල වෙතින් උපරිම ලෙස ප්‍රතිකාර ලබා දී මා සුව අතට පත් වුනා.
මම සහ අප පවුලේ සෑම දෙනාම ප්‍රතිකාර ගනු ලබන්නේ මෙම රෝහලෙනි. පසුගිය දින කීපයක සිට මගේ බඩේ තද වේදනාවක් දැනුන නිසා සරත් රත්නායක දොස්තර මහතා හමුවුනා. එතුමාගේ පරීඬණ වලින් මගේ පිත්තාශයේ ගලක් ඇතිබව කියාමා කළුබෝවිල රෝහල වෙත යොමු කලා. එහි දී මා ශල්‍යකර්මයකට භාජනය කල අතර දින තුනක් දැඩිසත්කාර ඒකකයේ සිටීමට සිදුවිය. මාගේ ජීවිතය බේරාදුන් ගිහාන් අමරසිංහ දොස්තර මහතාටත් සරත් රත්නායක දොස්තර මහතාටත් මාගේත් අප පවුලේ සැම දෙනාගේත් ස්තූතිය පුද කරමි.
ඉහත නම් හා ලිපිනයෙහි පදිංචි මාහට ඇති වූ සන්දි රෝගයෙන් මා ඉතා අපහසුතා වලට මෙන්ම දැඩි වේදනාවන්ට මුහුණ පෑවෙමි. එමෙන්ම ඒ සඳහා මා විසින් කරවනැල්ල රජයේ රෝහලෙන් සහ කෑගල්ල දේශීය ආයුර්වේද මූලික රෝහලෙන්ද ප්‍රතිකාර ලබා ගත්තෙමි.එනමුත් මා හට කිසිදු සුවයක් නොලැබුණු අතර මාගේ ඥාතියෙකු මාර්ගයෙන් වෛද්‍ය සරත් රත්නායක මහතා පිළිඹඳව දැන ගන්නට ලැබීමෙන් පසු මාහට හරි හැටි ඇවිද ගන්නටවත් බැරි මොහොතක මීට අවුරුදු 3කට පමණ පෙර නාවින්න මෙඩිකෙයා රෝහල වෙත ආවෙමි.එයින් මා හට ක්‍රමක්‍රමයෙන් ලබා දුන් ප්‍රතිකාර ඔස්සේ මා සුව තත්වයකට පත් වූයෙමි. එහෙත් මා හට 100% ක සම්පූර්ණ සුවයක් නොලැබුවද රෝගී තත්වයෙන් ගොඩක් දුරට සුවයක් ලබා ඇත. ඊට වෛද්‍ය සරත් රත්නායක මහතාට සහ සියළු කාර්්‍ය මණ්ඩලයට තුති පුදමි.
කේ.ඩබ්.පෙරේරා වන මට තිඛෙන්නේ උකුල් ඇටය දිරා යාමක්.මා මෙම රෝගයෙන් හුඟක් වේදනා වින්ද කෙනෙකි. මා මෙම ස්ථානයට යොමු කලේ මාගේ දුවක් වන ජයන්ති ගුණවතී.මීට අවුරුදු තුනකට කලින් මා මෙහි ආවේ. දැන් මට හුඟක් දුරට ලෙඩේ සනීපයි.දැන් කකුලේ වේදනාවක් නෑ. සමහර වෙලාවට මට දුවන්න වුනත් පුළුවන්. මා මේව්දියට සනීප කලේ සරත් රත්නායක මහත්මයා. මේ වාගේ රෝගීන් සුවකරන්න එA මහතාට තව තවත් දිරිය ලැබේවා
2002 වර්ෂය තුල මට තදබල කොන්දේ අමාරුවක් ඇතිවිය. එදා පටන් මම වීව්ධ වෛද්‍ය මධ්‍යස්ථාන වලින් බෙහෙත් ගත් නමුත් එය සුව අතට පත් නොවීය. අවසානයේදී එම වෛද්‍යවරුන් මට ප්‍රකාශ කර සිටියේ එය මාතුල පවත්නා මනසික රෝගී තත්වයක් බවයි.එම තත්වය යටතේ මම මෙම නවින්න මෙඩ්කෙයා රෝහලට පැමිණ 2008 වර්ෂයේ සිට බෙහෙත් ලබාගත් බැවින් දැන්මට සුවය ලැබී ඇත. මට එය ඉමහත් සතුටකි. වෛද්‍යතුමා ඇතුලු සියලුම කාර්යමණ්ඩලයට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා මගෙ ජීවිතය නැවත ලබාදීම පිලිඹදව. අවසාන වශයෙන් ඔබ සියලු දෙනාම මේ ආත්මය තුලම නිවන් දැකියයිතුයැයි මගේ ප්‍රාර්ථනාව.
මාගේ වම් ඇසේ සුද මතුවීම නිසා මා මෙම රෝහලට පැමිණ ඇසේ සුද ඉවත්කොට කාචයක් සවිකලා. එම සැත්කම කලේ 20/06/2013 දින. දැනට මගේ ඇසේ පෙනීම හොඳයි. එමෙන්ම එහිදී මට හොඳ සේවාවක් ලබාදුන් ‘නාවින්න මෙඩිකෙයා ‘රෝහලේ කාර්ය මණ්ඩලය සහ එම සැත්කම සිදුකල දොස්තර ගුණතිලක මහතාට මගේ හෘදයාංගම ස්තුතිය මෙයින් දන්වා සිටිමි.
නාවින්න මෙඩිකෙයා රෝහල නවීනතම සුපිරි තත්වයේ රෝහලක් ලෙස මා සලකමි. එයට හේතුව වන්නේ එහි සිටින වෛද්‍ය සරත් රත්නායක හා වෛද්‍ය ගිහාන් ඇතුලු ශෙල්‍ය වෛද්‍ය වරුන්ගේත් හෙද හෙදියන්ගේත් ඇති කාරුනික බව හා පැමිණෙන රෝගියාගේ රෝගය හරිලෙස නීර්නය කොට සුව කිරීමයි. මා මෙම රෝහලට 2012 පමිණෙන විට සිටි තත්වයත් දැන් සිටින තත්වයත් පිලිබදව සියලුම වෛද්‍ය වරුන් ඇතුළු හෙද මන්ඩලයටත් විශේෂයෙන් මම අද මෙම සාකඡ්ඡාවට කැදවු වෛද්‍ය සරත් රත්නායක සහ ගිහාන් වෛද්‍ය තුමාට මාගේ කාරුනික ස්තූතිය පුදකරන අතර මෙම මෙඩිකෙයා රෝහල මෙම රටේත් ඒ වගේම ලෝකයේත් ඉහලම තැනකට පෑමිණේවා එම තත්වයට මෙම රෝහලේ සියලු කාර්ය්‍ය මණ්ඩලයට හෑකිවේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරමි.
නාවින්න මෙඩිකෙයාර් රෝහල වෙතින් ප්‍රතිකාර ලබා සුව වී සිටින රෝගියෙක් ලෙස නාවින්න මෙඩිකෙයා රෝහල ගැන වචනයක් ලිවීමට අවස්ථාව සැලසීම ගැන වෛද්‍ය සරත් රත්නායක මහතා අතුලු කාර්යමන්ඩලයට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි. මාගේ අසනීප තත්වයේ දී ශල්‍යකර්ම දෙකක් සිදුකලද නිසි සුවයක් නොලද මා මෙම රෝහලට පැමිනි පලමු දිනයේදීම රෝගය පිලිබදව නිසි දැනුමක් ලබාගත් වෛද්‍ය සරත් රත්නායක මහතා මා හට කල ප්‍රතිකාර වලින් මාස 6ක් වැනි සුලු කාලයකින් මාගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වීම ගැන ලියනුයේ සතුටිනි. එතුමාගේ ප්‍රතිකාර නිසි පරිදි ලබා ගත් මා දැන් මාගේ සාමාන්‍ය ජීවන රටාව එලෙසින්ම ගෙන යන අතර නාවින්න මෙඩිකෙයා රෝහලටත් වෛද්‍ය සරත් රත්නායක මැතිතුමාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.
මම සහ අප පවුලේ සෑම දෙනාම ප්‍රතිකාර ගනු ලබන්නේ මෙම රෝහලෙනි. පසුගිය දින කීපයක සිට මගේ බඩේ තද වේදනාවක් දැනුන නිසා වෛද්‍ය සරත් රත්නායක මහතා හමුවුනා. එතුමාගේ පරීක්ෂණ වලින් මගේ පිත්තශයේ ගලක් ඇති බව කියා මා කලුබෝවිල රෝහල වෙත යොමු කලා. එහිදී මා ශල්‍යකර්මයකට භාජනය කල අතර දින තුනක් දැඩි සත්කාර ඒකකයේ සිටීමට සිදුවුනා. මගේ ජීවිතය බෙරා දුන් වෛද්‍ය රත්නයක මහත්මයා හටත් ගිහාන් අමරසිංහ මහත්මයාටත් මාගේත් පවුලේ සැමදෙනාගේත් ස්තූතිය පුද කරමි.
වෛද්‍ය සරත් රත්නායකමහතා ඇතුඵ සියඵම කාර්යය මණ්ලඩය මා හට දැක්වූ කාරුණික සහයෝගය ඉතාමත් අගය කොට සලකමි. මෙම රෝහල දිනෙන් දින දියුණු වී ලංකාවේ රෝහල් අතරින් අංක 1 බවට පත්වේවායි හදපිරි සතුටින් ප්‍රාර්ථනා කරමුග
වසර ගණනාවක සිට මාගේ මව රෝගාතූර වූ සෑම විටකම මෙම රෝහල මගින් ප්‍රතිකාර ලබා ගත් අතර , මේ දක්වා විශේෂයෙන් සරත් රත්නායක මහතා මාගේ මවගේ රෝග විනිශ්චයන් සෑම විටකම නිවැරදිව හදුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කිරීම අගය කරමි. මෙම රෝහලේ වෛද්‍ය වරුන් ඇතුඵ සියඵම කාර්යය මණ්ඩලය කරන කාරුණික සේවය ඉත සිතින් අගය කරමි. වෛද්‍ය නාරංගොඩ මහතාටද එම ස්තූතිය පිරිනමමි.
වරින් වර අප පවුලේ රෝගී වූ සාමාජිකයින් රෝගී බවින් මුදා ගැනීමේ මහා කාර්යය ඉතා අගය කොට සකලමු. වෛද්‍ය රත්නායක තුමන් ඇතුඵ ඔබගේ කාර්යය මණ්ඩලයේ ඉමහත් ලෙන්ගතු බවත් , කරුණාවන්ත ඔබ ආයතනය ආරෝග්‍ය ශාලාවකට වඩා නිවසක හැගීම රෝගියාට ලබා දීම විශේෂත්වයකි. ඔබ ආයතනයේ දියුුණුව හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
අප කීප වතාවක්ම ලංකාවේ ඉහලින්ම නම ගිය පෞද්ගලික රෝහල්වල නැවතී ප්‍රතිකාර කර ඇත. අප පළමු වතාවට නාවින්න මෙඩිකෙයා රෝහලේ නැවතී ප්‍රතිකාර ලබා ගැනීම තුලින් ඉහලම සතුටක් ලබා ඇත. මන්ද වෛද්‍ය සරත් රතනායක මහතාගේ කාරුණිකත්වය සහ දක්ෂතාවය, එමෙන්ම කාර්යය මණ්ඩලයේ ඉතාමත් සුහදශීලි භාවය. එමෙන්ම ලංකාවේ නම ගිය පෞද්ගලික රෝහල් වල පිරිසිදු බවට එහායින් මෙම රෝහල පවත්වාගෙන යාම, කාමර ඉතා හොද තත්වයේ තිබීම, ආහාර පාන ඉතා හොද තත්වයේ තිබීම, ඉතාම සාධාරණ අඩුම මුදලකට සියලුම කාර්යයන් කිරීම. අපි අපේ හිත මිතුරන් දැනුවත් කරන්නම්. නාවින්න මෙඩිකෙයාර් පෞද්ගලික රෝහල දියුණුවෙන් දියුණුට පත් වේවා!
මම රෝගාතුරව සිටි නිසා මෙම රෝහලට ඇතුලත් වුනා. එම කාලය තුල කාර්යය මණ්ඩලයේ සේවය නොඅඩුව ලැබුණු අතර වෛද්‍ය ප්‍රතිකාරද ඉතාමත් හොදින් ලැබුණා. මෙම ආයතනයේ කාර්යය මණ්ඩලය ලබා දුන් සහයට මාගේ ස්තූතිය ඉතාමත් ගෞරවයෙන් පුද කරන ලදි. ඩොක්ටර් රත්නායක ඇතුඵ සියඵම වෛද්‍යවරුන් සදහා මාගේ ගෞරවය පුද කර සිටිමි.
මෙම රෝහලෙන් අපි කිහිප වතාවක්ම ප්‍රතිකාර ලබා ගෙන ඇත. වෛද්‍ය සරත් රත්නායක මහතා වෛද්‍යවරුන් අතර දෙවියෙක් සේ සැලකිය හැක. කාර්යය මණ්ඩලයේ සේවය ඉතාමත් ඉහල මට්ටමක පවතිනවා. මෙම ආයතනය දිනෙන් දින දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනා කරමි.
මම අවුරුදු 8 ක් පුරා අසනීපව හොඳයි කියන හැම තැනකින්ම බෙහෙත් ගත්තා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකින් MRI ස්කෑන් පවා කරල බෙහෙත් ගත්තා ඒ හැම තැනදිම මට ලැබුනේ වේදනා නාශක පෙති පමණයි කවදාවත් මට සුවයක් ලැබුනෙ නෑ හැමෝම කිව්වෙ ආතරයිටිස් කියල... ඒත් මම ආරන්චි මාර්ගයකින් නාවින්න මෙඩිකෙයා හොස්පිටල් එකට යද්දි මට ඇවිද ගන්නත් බෑ අතේ ඇඟිලි පහ එකට එකතු කරල බත් කටක් කන්න බැරි තත්වයෙන් මා සිටියේ.. මා එහි ගිය ගමන් වෛද්‍ය සරත් රත්නායක මහතා මා පරික්ෂා කර ඉක්මනින් පරික්ෂන කීපයකට යොමුකලා එවිට මා සිටියේ ඉතාමත් දුර්වල තත්වයක. එතුමා මගේ අසනීපය හඳුනා ගෙන නිසි අයුරු ප්‍රතිකාර කලා...අවුරුදු 2 ක් මට බෙහෙත් බොන්න අවශ්‍ය බව පැවසුවා.. මාස තුන හතරක් යද්දි මා හට දොර වැඩ තරමක් දුරට කර ගැනීමට හැකියාව ලැබුනා... මේ වෙනකොට මා අවුරුදු 2ක් බෙහෙත් බී අවසානයි..පසුගිය දිනෙක මා වෛද්‍ය තුමා හමුවෙලා අවුරුදු 2ක් අවසන් බව පැවසුවා .එවිට එතුමා නැවත මට පරික්ෂනයකට යොමු වෙන්න කිවා .කියන්නත් සතුටුයි මම 95% නිරෝගී බව ඉන් සඳහන් වුනා..ඉන්පසු මගේ බෙහෙත් අනවශ්‍ය බව පවසා තව දුරටත් බෙහෙත් පෙති වර්ග තුනක් පමනක් ගැනීමට නියම කලා... දැන් මා නිරෝගියි.සාමාන්‍ය කෙනෙක් පරිදි එදිනෙදා වැඩ කටයුතු කරගෙන මේ වෙද්දි මා ඉතාමත් සතුටින් ඉන්නවා.. වෛද්‍ය සරත් රත්නායක මහතා මා සුවපත් කල පින එතුමාට නිවන් මග ලබන්නටම හේතුවේවා! ජාතිජාතිත් ඒ පින ඵල ලැබේවා! මෙය නෙත ගැටෙන අසරණ රෝගින් එතුමාගේ ප්‍රතිකාර සඳහා යොමුවේවා ... තෙරුවන් සරණයි ! ...සුබෝධා ගමගේ...
අද දින රෝහල් ගත වූ මා හට වෛද්‍ය සරත් රත්නායක මහතා ඇතුලු කාර්යය මණ්ඩලයේ සියළුම දෙනා දැක්වූ සේවාවන්ට හා හෙදියන්ගේ කාරුණාක භාවයට මා ස්තූතිය පුදකර සිටිමිග
වෛද්‍ය රත්නායක මැතිතුමාගෙන් මා සහ මාගේ පවුලේ සෑම දෙනාම වසර 15 කට පමණ පෙර සිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇත. එතුමාගේ දක්ෂතාවයට සරිලන කාරුණික භාවය නිසා සෑම දෙනෙක්ම එතුමාට ආශිර්වාද කරති. මා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත වූ කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක විය. රත්නායක වෛද්‍යතුමන්ට සහය දෙන වෛද්‍ය කාර්යය මණ්ඩලය මෙන්ම අනෙකුත් සියළුම නිලධාරීන් සියල්ලන්ම නිපුණත්වයෙන් යුතුව වගකීමෙන් කාරුණිකව සිය යුතුකම් ඉටු කලහ. ආරම්භයේ සිටම අපි මෙම ආයතනයේ දියුණුවට ආශිර්වාද කලෙමු. ඉදිරියට තව තවත් දියුණුවට පත්වී සාමාන්‍ය ජනතාවට සලසන සේවය තවත් ව්‍යාපත වේවායි ප්‍රාර්ථනා කරමු. ස්තූතියි.
වෛද්‍ය සරත් රත්නායක මහතාගේ හැමදාම පවතින කාරුණික භාවය ඉතා අගේ කොට සලකමි. මාගේ මෑණියන්ගේ ඉතා අසාද්‍ය තත්වයේ පැවති ජීවිතය කිහිප වතාවක්ම බේරා දුනි. වාට්ටුවේ ප්‍රතිකාර ලබන කාලය තුල වෛද්‍යවරුන්ගෙන් හා සියළු කාර්යය මණ්ඩලයෙන් ලද සහය කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමි. වෛද්‍ය සරත් රත්නායක මහතාට නිදුක් නිරෝ්ගී සුවපත් භාවය ලැබී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
මා රෝහල් ගත වූ දා සිට මා වෙනුවෙන් කැප වූ වෛද්‍ය සරත් රත්නායක මැතිතුමා , අනෙකුත් වෛද්‍ය වරුන් සහ කාර්යය මණ්ඩලය හට මාගේ විශේෂ ස්තූතිය පුදකර සිටිමි. සරත් රත්නායක මැතිතුමණි ඔබ මිහිපිට දෙවිකෙනෙක් හා සමානව මා අගය කරමි. මා හට මෙන්ම මාගේ දියණියගේ සියළු රෝග වලදී ඔබ තුමන් අප හට පිහිට වූ ආකාරය මා සැමදා අගය කරමි. මෙම රෝහල දිනෙන් දින දියුණු වී ලංකාවේ රෝහල් අතරින් මෙම රෝහල අංක 1 බවට පත්වේවායි මි ප්‍රාර්ථනා කරමි. " වෛද්‍ය සරත් රත්නායක මැතිතුමණි ඔබ මිහිපිට සිටිනා දෙවි කෙනෙකි "
ඔබගේ ආයතනයෙන් රෝගීන් සදහා ලබා දෙනු ලබන කාරුණික සේවය ඉතා අගය කොට සලකමි. එමෙන්ම වෛද්‍ය වරුන්ගේ හෙද නිලධාරීන් හා නිලධාරිනියන්ගේ රෝගීන් කෙරෙහි ඇති අවදානයත් ඔවුන්ගේ ඇති මිත්‍රශීලී බවත් ඉතා අගය කොට සලකන අතර පිරිසිදු කිරීම් අංශය සහ කෑම ලබාදීමේ සේවය පිළිබදව සතුටු වෙමි.
2018/09/29 දින මාගේ මව වන මැගිලින් අරුක්ගොඩ මහත්මිය දැඩි රෝගී තත්වයෙන් වෛද්‍ය ප්‍රතිකාර සදහා නේවාසිකව නතර වූ වෙමු. එම මොහොතේ සිට සියළු වෛද්‍ය පරීක්ෂණ ඉතා ඉක්මණින් සිදු කර අවශ්‍ය ප්‍රතිකාර නොපමාව ලබා දුන්නෙමු. එම නිසා මාගේ මව ඉතාම ඉක්මණින් සුවය ලැබුවෙමු. අපගේ ගෞරව ප්‍රණාම ස්තූතිය ප්‍රධාන වෛද්‍යතුමාටත් අනෙකුත් වෛද්‍ය මහත්ම මහත්මීන්ටත් සියළු කාර්යය මණ්ඩලයටත් මෙයින් පුදකර සිටිමු.
අද දින මා මෙම රෝහලෙන් සුවය ලබා යන මාගේ දරුවා ගැන යමක් කීමට ඇත. මගේ පුතාට නැගිටීමට නොහැකි වුවද සරත් රත්නායක මහත්තයා මාගේ දරුවාගේ රෝගය හදුනා ගෙන , දරුවා ගැන යම් බලාපොරොත්තුවක් අපිට ඇති කර, දරුවා සුව කිරීම ගැන මුළු හදවතින්ම ස්තූති කරන අතර , කාර්යය මණ්ඩලයේ නොමසුරු කැපවීම සහ කරුණාව අප ඉතා අගය කොට සලකනවා. මාගේ දරුවා නැගිටීමට නොහැකි දරුවෙක් වන අතර දරුවාගේ හුස්ම ටික රැකගන්න මට උදව් කරපු හැමෝටම ගොඩක් පින්. වෛද්‍ය සරත් රත්නායක මහත්මයාණෙනි, දෙමාපියන්ගේ දරු දුක හදුනාගෙන ඔබතුමා හරි කරුණාවෙන් මාගේ දරුවාට ලබා දෙන බෙහෙත් ඇත්තටම හෙට දවසේ මාගේ දරුවාගේ පණ ටික බේරලා දෙනන් පුලුවන් එකම දෙවියා ඔබයි. අප ජීවත් වෙන්නේ හැමදේම නැති කරගෙන මේ දරුවාගේ ජීවිතය පුලුවන් දවසක් ජීවත් කරවන්නයි. අනේ ඒ හුස්ම ටික වෙනුවෙන් කැප වුණු එක වචනෙකින් හරි හිත සනසපු රෝහලේ කාර්යය මණ්ඩලයට මාගේ හදවතින්ම සුභ පතනවා. වෛද්‍ය සරත් රත්නායක මහත්මයාට තව තවත් අසරණ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා.
විසිහත් වසරක ජීවිතයේ ප්‍රථම වතාවට රෝහලක සේවයේ නියුතු සියළුම සේවක සේවිකාවන් සිනාමුසු මුහුණින් තම රෝගීන්ට සේවය සලසා දෙනු දුටු පළමු අවස්ථාව නාවින්න මෙඩිකෙයාර් රෝහල තුලදී අත් විදි අතර, හෙදියන් කෙරෙහි වූ කහට එයින් පහව ගිය බව පවසන්නේ ඉතා සතුටිනි. රෑ දහවල් වේලාවක් කලාවක් නැතුන තම සේවයට කැපි වී රෝගීන් වෙනුවෙන් දහඩිය කැප කරන හෙදි සොයුරියනි, ඔබ සියළු දෙනා වෙනුවෙන් හිතේ ඇති වූ ගෞරවය අප්‍රමාණයි. එසේම ආහාරපාන, වතුර ටික පවා නිසි ලෙස ළගටම ගෙනවිත් දී සොදුරු සිනහවකින් නිතරම මුව සරසාගත් අශෝකා කොට කොණ්ඩ හැඩකාරිය ඔබටත් ස්තූතියි ගොඩාක්. ජීවක පරම්පරාවට උරුමකම් කියන එහි ඉදිරි පුරුක් වන් ඔබ සියළු දෙනාගේම අනාගත කටයුතු සාර්ථක වේවා.
වෛද්‍ය සරත් රත්නායක මහතා සහ සියළු කාර්යය මණ්ඩලයටත් මාගේ ශෛල්‍ය කර්මය සිදුකරනු ලැබු, ශෛල්‍ය වෛද්‍ය කමල් මහත්මයාටත් හදපිරි ස්තූතිය පුදකරන අතර සියළු සේවාවන් නොඅඩුව මා හට ලබා දුන් අතර ඒ වෙනුවෙන් මා වෙනුවෙන් ඉමහත් තෘප්තිමත් වෙමි. ස්තූතියි.
2018/11/03 වන දින සිට 2018/11/04 දින තෙක් සියලුම ප්‍රතිකාර කල වෛද්‍යවරුන් හා කාර්යය මණ්ඩලයේ සේවය ඉතා අගය කොට සලකමි. මෙම ආයතනය දිනෙන් දින දියුණු වේවායි කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
ප්‍රථම වරට මෙම රෝහලේ නේවාසික ප්‍රතිකාර ගතිමි. වෛද්‍ය රත්නායක මහතා ඇතුළු සියලුම කාර්යය මණ්ඩලය ඉතා කාරුණිකව, කාර්යක්ෂම පුද්ගලයන් බවත්, ඔබගේ සේවය පිලිබදව ඉතාම සතුටට පත්වන බවත් පැවසීමට කැමැත්තෙමි. ඔබ සියළු දෙනාටම නීරෝගී සුව සහ චිරං ජයතු!
ඔබගේ ආයතයේ සේවය ඉතා අගය කොට සලකමි. සේවක මණ්ඩලයද ඉතා ආදරෙන් කරුණාවෙන් සේවය අප වෙත ලබා දුන්නෙමු. මෙම ආයතනය මින් ඉදිරියට මීට වැඩිය දියුණු වන්නට ප්‍රාර්ථනා කරන්නෙමු.
අද දින මාගේ දරුවා සුව වී රෝහලෙන් යන අතර ඔබ තුමා ඇතුළු අනෙකුත් වෛද්‍ය වරුන් හා හෙද කාර්යය මණ්ඩලයට ස්තූති වන්ත වන අතර මෙම රෝහලෙන් වෙන සේවය අගය කරමි.
සරත් රත්නායක මහතා ඇතුළු කාර්යය මණ්ඩලය වෙත අධික රුධිර වාහනය වීමෙන් පීඩාවට පත්ව සිටින මා මෙම රෝහලට වෛද්‍ය සරත් රත්නායක මහතාට දුරකතනය මගින් දැනුම් දුන් අවස්ථාවේ සිට මේ දක්වා අදාල සියලුම ප්‍රතිකාර විශේෂයෙන් වෛද්‍ය ඒකානායක මහතා ගෙන්වා ලබාදුන් අතර ඒ සදහා මෙම ආයතනයේ වෛද්‍ය ගිහාන් මහතා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයටත් විශේෂයෙන් වෛද්‍ය සරත් රත්නායක මහතාට ස්තූතිවන්ත වන අතර මෙම ආයතනය දිනෙන් දින දියුණුවට පත්වේවායි ප්‍රාර්ථනා කරමි.
2018.12.03 වන දින මහත් විශ්වාසයෙන් යුතුව අප දියණියගේ ජීවිතය බේරා ගැනීමට මෙවරත් මෙම බෝසත් වෛද්‍ය වරයානන්ගේත් ලෙන්ගතු කාර්යය මණ්ඩයෙත් ආරක්ෂාව පතා පැමිණි අප බලාපොරොත්තු වූවා සේම , සියල්ලෝම අප වෙත දැක්වූ ලෙන්ගතු බවත්, අවශ්‍ය පහසුකම් සැලැසීමත්, පිරිසිදු බවත්, දිව්‍ය ඖෂධ මෙන් බෙහෙත් සත්කාරයත් නිසි ප්‍රතිකාර ලැබෙන තුරුම රෝහලේ රදවා ගනිමින් අප දිරිමත් කරමින් දැකුවූ උතුම් සහයෝගය ඉතා අගය කරමු. ප්‍රධාන වෛද්‍ය සරත් රත්නායක මහතාත්,ගිහාන් වෛද්‍ය වරයාටත්, අනෙකුත් කාර්යය මණ්ඩලයේ සියළු දෙනාටමත් ස්තූති වන්ත වෙමු.
ඉතා අමාරු තත්වයෙන් මගේ මව මෙම රෝහලට ඇතුලත් කරනු ලැබුවා. මෙම රෝහලේ කාර්යය මණ්ඩලය ඇතුළු සියලු දෙනාම ඉතාමත් කරුණාවෙන් සාත්තු කල අතර මොවුන් සියළු දෙනාටම මාගේ හදපිරි ස්තූතිය පුදකර සිටිමි.
ඉතා අසීරු තත්වයේ මා මෙම ආයතනයට ගෙන ආ අතර , මෙම ස්ථානයේ සිටි කාර්යය මණ්ඩලය මා හට ඉතාම කාරුණිකව සත්කාර කල අතර මොවුන් සියලු දෙනාටම මාගේ අවංක ස්තූතිය.
ඉතා අසීරු අමාරු තත්වයේ රෝග කිහිපයකට රෝහල් ගත වූ මා මෙහි ගත කල දින 03 ක කාලය මා ගෙදර පවුලේ අය සමග සිටින සේ සතුටින් ගත කරන්නට හැකි වූයේ ඔබ සියලු දෙනා තුල ඇති උතුම් මිනිස් ගතිගුණ නිසා බව හැගේ. විශේෂයෙන් මා වෙනුවෙන් දිවා රූ නොබලා තටයුතු කල සියලු වෛද්‍ය වරුන් සහ කාර්යය මණ්ඩලයේ සියලු ‍දෙනාට හදවතින්ම ආදරෙයි. දින03 ම රෝහලෙන් ලබා ගත් ආහාර පිළිබදව විශෙෂයෙන් සදහන් කළ යුතුවව ඇත. ඉතා රස, ගුණ,පිරිසිදුව ලබා දුන් එම ආහාර හා ඒවා පිසින සියලු දෙනාටද මට වතුර ටිකේ සිට සියලු උපකාර කල සියලු දෙනාටද , තවද අපේ මේට්‍රන් තුමියටද හදවතින්ම ආදරෙයි. ඒ වගේම පිං
වෛද්‍ය සරත් රත්නායක මහතා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට මා පළමුවෙන් ඔබ සැම මා හට ලබා දුන් සියළුම පහසුකම් වලට හා සුහද ශීලි බාවය ගැන ඉතා සතුට පල කරමු. මා ඔබ ආයතනයට පැමිණි මුල් අවස්ථාව මෙය වෙමි. මාගේ මවගේ අසනීප තත්වය පිලිබදව ඔබතුමා ඇතුළු කාර්යය මණ්ඩලයෙන් ලැබුණු සේවාව ඉතා ඉහලය. නැවත වරක් මාගේ ඇති සියළුම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා ඔබ ආයතනයට දෙවරක් නොසිතා තෝරාගන්නා බව ඉතා සතුටින් දන්වා සිටිමු. ඔබ ආයතනය සැමදා දියුණු වෙවායි අප ප්‍රාර්ථනා කරමු.
ඉතා දිගු කාලයක් පුරාවට නාවින්න ඇතුළු ලංකාවේ සෑම ප්‍රදේශයකම සිටින රෝගීන් හට ඉතාම අඩු මිලට මුදල් ගැන නොසිතා ඉතා කාරුණික සේවයක් ඔබතුමා සිදු කරමින් සිටී. මා රෝහල් ගතකල දින සිට විවිධ වෛද්‍යවරුන් යටතේ මාගේ රෝගය සදහා නිසි පිලියම් කිරීමට ඔබතුමා දිවා රාත්‍රී නොබලා සේවය කල බව මට හැගේ. ඔබතුමා යොදා ඇති කාර්යය මණ්ඩලයද ඉතා කාරුණික හා කාර්යයශූරව එම කටයුතු වල යෙදෙනු මමදුටුවෙමි. ඉහත කරුණු අනුව ඔබතුමාගේ නාවින්න මෙඩිකෙයා ආයතනය තවත් රෝගීන් දස දහසකට වඩා සේවය ලබා දී ඔවුන් නිරෝගී කර ඔබතුමාටද දීර්ගායු නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය සරත් රත්නායක මහතා ඇතුලු සියලුම කාර්යය මණ්ඩලය විසින් මා වෙනුවෙන් ඉතාම ආදරයෙන් කරුණාවෙන් දැක්වූ සහයෝගයට ඉතා අගය කොට සලකමි. මෙම සේවය දිනෙන් දින දියුණු වේවායි ප්‍රාර්ථනා කරමි.
මෙම රෝහලට ඇතුලත් කරණු ලැබු මාගේ ස්වාමී පුරුෂයාට සරත් රත්නායක වෛද්‍යතුමාගේ මග පෙන්වීම මත අනෙකුත් හෙද හෙදි සියළු දෙනාගේ සහයෝගය ඇතිව රෝගය සුව කර දීම පිලිබදව අප සියළු දෙනාගේම සතුටට කාරණයක් වූ අතර, වෛද්‍යතුමන් ඇතුළු කාර්යය මණ්ඩලයට කෘතඥතාවය පිරිනමනු ඇත.
හදිසි රෝගාබාධයක් නිසා මා පසුගිය දිනක ඔබගේ ආයතනයට ඇතුලත් කල මොහොතේ සිට ඔබ ඇතුළු කාර්යය මණ්ඩලය මා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර මාගේ රෝගී තත්වය සුව අතට ගැනීමට විශාල කාර්යයක් සිදු කලේය. ඔබලාගේ එම අවධානය නිසාමා දැන් සුව අතට පැමිණ තිබේ යැයි මටහැගේ.මින් ඉදිරියටත් මා වැනි රෝගියෙකුගේ ජීවතය බේරා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
මා හට හදිසියේ පාදයක ඇගිල්ලක් ඉදිමීම හා උණ ගැනීම හේතුවෙන් ඔබගේ ආයතනයට ඇතුළත් කළ මොහොතේ සිට මාගේ තත්වය සුව වන තුරු මා දෙස අවදානය යොමු කළ ඔබතුමන් හා ඔබතුමන්ගේ කාර්යය මණ්ඩලයට මාගේ හදපිරි සුතූතිය පුද කරමි.
හදිසි අසනීපයෙන් පෙළුණු මා මෙම රෝහලට ඇතුළු කල මොහොතේ සිට මොහොතේ සිට විශාල කැපවීමකිනි. මා හට මෙම ආයතනයේ කාර්යය මඩුල්ල, සියලුම වෛද්‍ය මහත්වරන් මා කෙරෙහි විශාල සේවයක් කලේය. ඒ වාගේම මා හට වැලදී තිබුනේ මාරාන්තික රෝගයකි. එයින් ගොඩගැනීමට වචනයෙන් ක්‍රියාවෙන් ස්තූතියි කිරීමට මට අපහසුයි. ඒ තරමට මාගේ ජීවිතය බේරා දුන්නේය. තවද මාගේ මවගේ පවුලේ සියලු දෙනාම සරත් රත්නායක මහතාගෙන් ප්‍රතිකාර ලබා ගන්නා පවුලකි. මාත් එම නිසා කුරුවිට ප්‍රදේශයේ සිට සම්බන්ධ වූයේය. මාගේ පියාගේ පාද දෙකේ ඇති අප්‍රානිකත්වයටත් මෙම උතුම් වෛද්‍ය වරයාගෙන් ප්‍රතිකාර ගන්නෙමු. ඉතින් මා දින 7ක් ප්‍රතිකාර ලැබූ හෙයින් මාව බේරා ගත් සරත් රත්නායක වෛද්‍ය තුමන්ටත්, අනෙක් වෛද්‍ය වරුන්ටත්, කාර්යය මඩුල්ලටත් මාගේ හදපිරි ප්‍රණාමය පුද කරමි.
1988 අටේ කණුවේ පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මාගේ දරුවන්ට ප්‍රතිකාර ගෙන ඇත. හොරණ ප්‍රදේශයට ගිය පසුද මෙම ස්ථානයට පැමිණ ප්‍රතිකාර ලබා ගෙන ඇත. අද දරුවන්ගේ මව මෙම ස්ථානයට පැමිණ ප්‍රතිකාර ලබා සුවය ලබා යන අතර, ඔබතුමා ඇතුළු කාර්යය මණ්ඩලයට දීර්ඝායුෂ පතමි.
මෙම රෝහල හුදෙක්ම රෝගීන්ගේ යහපත සදහාම ඉදිවූවක් බවත්, මුදල් ඉපයීමේ පරම චේතනාවක් නොවූ බවත්, ඇස දුටු දෙයින් වටහා ගතිමි. මුලින් ඔබගේ එම චේතනාව අනාගතයේදී තව තවත් සාර්ථක කර ගැනීමට හැකිවේවායි ඉටු සිතින් පතමි. යහපත් හා ක්‍රියාශීලි එමෙන්ම සුහදශීලි වෛද්‍ය කාර්යය මණ්ඩලයක් හෙදි කාර්යය මණ්ඩලයක් ඔබ සතුව පවතී. ඔවුන්ගේ සේවය අමිලය.ඔවුන් ක්‍රියාශීලිය. ඒ සැමට අපගේ ස්තූතිය මෙහිලා සටහන් කරමි. සාමාන්‍ය ජනතාවට දරාගත හැකි අයකිරීම් පිළිබදව අපගේ සතුට මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි. අවසන් වශයෙන් මෙම රෝහල දිවයිනේ නම් දරණ රෝහලක් බවට පත්වේවායි ඉටු සිතින් පතමි.
මෙම රෝහල භාරව සිටින සරත් රත්නායක වෛද්‍යතුමා ඇතුලු අනෙකුත් වෛද්‍ය මහතුන් හා මහත්මීන් හෙද නිලධාරීන් හා වැඩ කරන සේවක සේවිකාවන් අප සිටින දින හතර පුරාම අප හට විශාල ලෙස කැපවීමෙන් හා ආදරයෙන් කාරුණිකව අපහට සැලකුවෙමි. එයට අප ස්තුති වන්ත වෙමි.
මෙම රෝහලේ වෛද්‍ය සරත් රත්නායක මහතා ඇතුළු වෛද්‍ය තුමන් හා තුමියන් ඉතා කරුණාවන්තය. හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයද එසේමය. අප සිටි දින 3 ට ඉතා හොදින් සැලකුවෙමු. එයට ඉතා ස්තූතිවන්ත වන අතර මෙම රෝහල දියුණුවෙන් දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනා කරමි.
වෛද්‍ය සරත් රත්නායක ඇතුළු කාර්යය මණ්ඩලයට සහ වෛද්‍ය රවිමාල් ගලපත්ති වෙත අප පවුලේ හදපිරි ස්තූතිය පුද කරමි. නේවාසිකව ලබා දුන් ප්‍රතිකාර සතුටුදායක අතර කාර්යය මණ්ඩලයේ සහ නිරෝෂා කලංසූරිය මහත්මියගේ කරුණාවන්ත බව ප්‍රශංසනීය. තව තවත් රෝගීන් සුවපත් කර ගැනීමට ශක්තිය සහ මෙම රෝහල දියුණු කර ගැනීමට ශක්තිය වාසනාව ලැබේවා.
වෛද්‍ය සරත් රත්නායක මහතා ඇතුළු කාර්යය මණ්ඩලයට අප පවුලේ කෘතඥ තාවය පලකරන අතර, රෝගියා සුව කර ගැනීමට ඔබතුමා ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයේ කැපවීම අගය කරමි.
අසනීප වී රෝහලට පැමිණි මොහොතේ සිට රෝද පුටුව රැගෙන ආ කෙනාගේ සිට සෑම කෙනෙකුගේම සහය උපරිමව ලැබුණි. ප්‍රණීතවත් ආහාර සපයා දුන් අතර සුවය ලබීම සම්බන්ධව සියලු දෙනාටම ස්තූතිවන්ත වෙමි.
වෛද්‍ය මහතුන්, හෙදියන් සහ අනිකුත් සේවක මණ්ඩලය අපට දුන් සහය පිළිබදව ඉතාමත් සතුටු වන බැවින් ඉදිරියටත් අනගි සේවාවක් ලබා දීමට ඔබ කාර්යය මණ්ඩලයට හැකි වේවා!
අසනීප වී රෝහලට පැමිණි මොහොතේ සිට අප ගැන කරුණාවෙන් සොයා බලන ලදි. ශල්‍ය කර්මය කිරීමට පැමිණි වෛද්‍යතුමාද ඉතා කාරුණික කෙනෙක් වූ අතර අනෙක් කාර්ය මණ්ඩලයේ අයද ඉතාමත් හොදින් අපට සලකන ලදි. වෛද්‍ය රත්නායක මහතා ගැන තිබෙන විශ්වාසය නිසා මා කුරුණෑගල සිට අවුරුදු 03ක පමණ කාලයක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණියෙමි. එම නිසා මෙම රෝහල තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි..
කාරුණික සේවාවක් ලබාදුන් සියලුම වෛද්‍ය මහතුන්ටත් සියලුම සේවක මණ්ඩලයටත් අපගේ ස්තූතිය මෙයින් දන්වා සිටිමි.
කාරුණික සේවාවක් ලබාදුන් සියළු දෙනාටම ස්තූතිවන්ත වෙමි. ඉතා අනර්ඝ සේවාවක් ලබා දුන් ඔබ සියලු දෙනාටම නැවත නැවතත් ස්තූතිවන්ත වෙමු.
රෝහලට පැමිණි මොහොතේ සිට කාරුණික සේවාවක් ලබා දුන් සියළුම වෛද්‍ය මහතුන්ටත් සියළුම සේවක මණ්ඩලයටත් අපගේ හදපිරි ස්තූතිය.
වෛද්‍යමහතුන් සහ අනෙකුත් සේවක මණ්ඩලය අපට දුන් සහාය පිළිබදව ඉතාමත් සතුටු වන බැවින් ඉදිරියට අනගි සේවාවක් ලබා දීමට ඔබ කාර්යමණ්ඩලයට හැකි වේවා!
ඔබ රෝහලෙන් වන සේවය අති විශිෂ්ඨයි....
වෛද්‍ය මහතුන් සහ අනෙකුත් සේවක මණ්ඩලයේ රෝගියාට ලබා දුන් සහය ඉතා සතුටුදායකයි....
සියලු සේවක මණ්ඩලය (වෛද්‍යවරුන් සහ හෙදියන්) ඇතුළුව කාරුණික සේවය පිළිබඳ සතුටු වෙමි. රෝගියෙකුට ලැබිය යුතුම වන්නේ කාරුණික සේවයයි. ඒ පිළිබඳව ඔබ ආයතනය ඉදිරියෙන් පසුවන බව සතුටින් පවසමි. වසර 02ක් පුරා ඔබ ආයතනයට පැමිණීමට හේතුව එයයි.
The service provided by the doctors & nurses were excellent. It was beyond our expectations. They took a good care of the patient. We are happy with the service & wish you all the best.
Their is nothing to say, Everything is excellent. Staff was so nice and kind, very friendly. Very good care of the patient and everything was good.
දින තුනක කාලයක් මා සුවපත් කල සියලු වෛද්‍යවරුන්ටත්, සියලු හෙද කාර්යය මණ්ඩලයත්, සියලු සුළු සේවක මණ්ඩලයටත් ඉතාම ස්තූතිවන්ත වන අතර මා වැනිම වූ සියලු අනෙක් රෝගීන් ද, සුවපත් කිරීමට සියලු ශක්තිය ධෛර්යය තව තවත්, නොඅඩුව ලැබේවායි යයි පතමි.
දින 4ක කාලයක් මාගේ දරුවා සදහා සියළුම සේවාවන් සහ ප්‍රතිකාර නොඅඩුව ලබා දෙමින් සහය දැක් වූ වෛද්‍යවරුන්ට, හෙද කාර්යය මණ්ඩලයටත්, සුළු සේවක මහත්මීන්ටත් ස්තූති වන්ත වන අතර මෙම රෝහල දිනෙන් දින දියුණුවට පත්වේවායි පතමි.
අප රෝහලට පැමිණි මොහොතේ සිට මේ මොහොත දක්වාම අප වෙත වෛද්‍ය සරත් රත්නායක මහතා ඇතුළු අනෙකුත් වෛද්‍යවරුන් සේවක මණ්ඩලය විසින් ලබා දුන් සහයෝගයට ඉතාමත් සුහදශීලී මෙන්ම කාර්යක්ෂම විය. අප රෝහලට පැමිණි මොහොතේ සිට මේ මොහොත දක්වාම ගත වූ කාලය පිළිබදව සතුටු වෙමි. ඔබ රෝහල තවත් දියුණුවට පත්වී රෝගීනට නිරෝගී සුවය ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරමි.
මා නාවින්න මොඩිකෙයාර් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට නතරවී සිටි කාලය අතරතුර ඔබ ආයතනයේ කාර්යය මණ්ඩලය මා හට ඉතා හොදින් ඔවුන්ගේ කාර්යය ඉටු කල බව දන්වා සිටිමි.
මාගේ දියණිය රෝහල වෙත ගෙන ආවේ බලාපොරොත්තු විරහිත අවස්ථාවක, නමුත් වෛද්‍ය සරත් රත්නායක, වෛද්‍ය ආසිරි යන වෛදශවරුන් නව බලාපොරොත්තුවක් දෙමින් අප ශක්තිමත් කර දුන්නා වූ වෛද්‍ය උපකාර වලට දියණියගේ මව වශයෙන් මම හදපිරි ස්තූතිය පුද කරමි. එමෙන්ම මෙහි සේවය කරණ සැමගේ කරුණාවට සහ සුහද ශීලි බවට මාගේ ස්තූතිය.
මෙම රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමන් වන සරත් රත්නායක මැතිදුන්ගේ මනුසත් බව අප වැනි රෝගීන්ට ඉමහත් සැනසිල්ලකි. විශේෂයෙන්ම මා වැනි භික්ෂුණියකට ඔබතුමාගේ විශේෂ කාරුණික භාවය ලබා දීම මට මහත් අස්වැසිල්ලකි. මා ඉන්දියාවේ සිට මෙම රෝහලට පැමිණියේ ඔබතුමා ගැන තිබෙන්නා වූ ඉමහත් විශ්වාසභාවය නිසාය.ඔබතුමන් හට අයවිය යුතු කිසිම මුදලක් අය නොකර මා හට සිදු කරන ලද උපස්ථාන මා පිං අනුමෝදනා කිරීමෙන් සැමදි සිහිපත් කරමි.ඔබතුමත් ඔබතුමන්ගේ කාර්යය මණ්ඩලයේ සුහද තාවයත් මා කෘතගුණව සිහිපත් කරමි.
,ප්‍රධාන වෛද්‍ය තුමා හා නාවින්න මෙඩිකෙයාර් රෝහලේ සේවය කරන සේවක කාර්යය මණ්ඩලය මා පැමිණි මොහොතේ සිට මාගේ අවශ්‍යතාව සොයා බලා නියමිත වේලාවට ආහාර පාන මෙන්ම ප්‍රතිකාර ද ලබා දුන් අතර,මා වෙත කාරුණික අවධානය යොමු කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දුනි. සේවක මණ්ඩලයේ සියළු දෙනාටම මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි.
ප්‍රධාන වෛද්‍ය තුමගේ පටන් හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සුළු සේවක මහත්ම මහත්මීන්ගේ නොමද සහය ලැබුණි.ඉතාම කරුණාවන්ත භාවය ඉතා විශිෂ්ඨ වන අතර මම එය ඉතා අගය කොට සලකමි.සැමට මාගේ ස්තූතිය ප්‍රකාශ කර සිටිමිග
How you feel

Give us your feedback